දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

NYS 2018 - සාමය ගොඩනගන යොවුන් සංවාදයක් සඳහා දෙවන ජාතික යොවුන් සමුළුව

එහිදී අප්‍රේල් 20 වැනි දින වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද අප්‍රේල් 21 වැඩසටහන කොළඹ  සෞන්දර්ය විශ්ව විද්‍යාලයේද...

NYS 2018 - සාමය ගොඩනගන යොවුන් සංවාදයක් සඳහා දෙවන ජාතික යොවුන් සමුළුව

එහිදී අප්‍රේල් 20 වැනි දින වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ද අප්‍රේල් 21 වැඩසටහන කොළඹ  සෞන්දර්ය විශ්ව විද්‍යාලයේදී ද පැවැත්වීමට නියමිත ය.

රට පුරා සියලු ජනවර්ග සහ ආන්තික කණ්ඩායම් නියෝජනය වන පරිදි තරුණ තරුණියන් 250කට අධික සංඛ්‍යාවක් එකට එකතු කිරීමට, ඔවුන් ජාලගත කිරීමට සහ ශ්‍රී ලංකාවේ සාමය සඳහා ඔවුන්ගේ භූමිකාව ශක්තිමත් කිරීමට මෙහිදී සංවිධායකයෝ අපේක්ෂා කරති. තාරුණ්‍යය අතර මෙකී සංවාදය පහසුකරවීම සඳහා අන්තර්සැසි, වැඩමුළු, ප්‍රදර්ශන හා දේශන මෙහිදී සූදානම් කර තිබේ. 2015 වසරේදී ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය විසින් පළමු යොවුන් සමුළුව පැවැත්වූයේ ද මෙම අභිප්‍රායයන් පෙරදැරි කර ගනිමිනි.    

බහුතරයක් ඒකභාෂික වන අපගේ තරුණප්‍රජාව තුළ 54.1% ක ප්‍රතිශතයකට වෙනත් ආගමික හෝ ජනවර්ගයකට අයත් සමීප මිත්‍රයෙකු නොමැති බව 2014 ජාතික මානව සංවර්ධන වාර්තාව සඳහන් කරයි. මෙවන් සමාජ පසුබිමක් තුළ ජාතික තරුණ සමුළුව හරහා විශාල කාර්යභාරයක් ඉටුවනු ඇත.

මෙවන් සමාජ කරුණු මත පදනම්ව, මෙම දෙදින සමුළුව සංවිධානය කර ඇත්තේ සාමකාමී යොවුන් පරපුරකට අවශ්‍ය පොදු බිමක් තැනීමට සහ විවිධාකාර වූ නිර්මාණශීලි හා නවමු අත්දැකීමක් ලබා දෙන සැසි ඇතුළත් කිරීම තුළින් ඔවුන්ගේ සමාජ ජාලය ශක්තිමත් කිරීම සඳහා ය. පෙළගස්වා ඇති සැසි අතුරින් කෙටි චිත්‍රපට දැක්ම, ඡායාරූප ප්‍රදර්ශනය මෙන්ම වැඩමුළු මාලාවන් ද විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. තරුණ තරුණියන්ට ඍජුවම සහභාගි වී සැසි හැසිරවීමටද අවස්ථාව සලසා දී ඇත. තරුණ නායකත්වය හා සාමය ගොඩනැගීමට අදාළ මාතෘකා යටතේ පැවැත්වීමට නියමිත පුහුණු සැසි න්‍යායික අංගයන්ට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට මුල් තැනක් ලබාදෙන ලෙස සකසා ඇත.

මෙම සැසි මෙහෙයවීම සඳහා රටේ සුපතල සම්පත්දායකයින් හා පුහුණුකරුවන් සමුළුවට දායක වනු ඇත.

ඉහත සඳහන් තේමානුගත ක්ෂේත්‍රයන් යටතේ යම් අයෙක් හෝ ආයතනයක් ඔවුන්ගේ අත්දැකීම් බෙදාගැනීමට කැමති නම් හෝ රටේ සාමය හා  සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ නම් NYS2018 ඔවුන්ට ද අවස්ථාව ලබාදීමට සුදානම්. ඒ සඳහා කළ යුත්තේ ඔවුන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන දෙය සම්බන්ධයෙන් වචන 250ක කෙටිසටහනක් NYS2018@ldjf.org යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීම පමණයි.

වැඩිදුර විස්තර http://www.ldjf.org/youth-summit වෙබ් අඩවියෙන් හෝ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ ෆේස්බුක් පිටුව වන facebook/sdjf.  වෙතින් ලබාගත හැකියි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NYS 2018 - සාමය ගොඩනගන යොවුන් සංවාදයක් සඳහා දෙවන ජාතික යොවුන් සමුළුව
NYS 2018 - සාමය ගොඩනගන යොවුන් සංවාදයක් සඳහා දෙවන ජාතික යොවුන් සමුළුව
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/6f5560453c79f1b9be6d6c675f462b60_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/nys-2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/nys-2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy