අද(25) දිනයේ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව තිබියදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද දිනය තුළ විදෙස්ගත වීමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව ...
අද(25) දිනයේ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව තිබියදී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද දිනය තුළ විදෙස්ගත වීමට සූදානම් බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. - 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබේ.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද දහවල් 1.55 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 195 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත්ව යෑමට නියමිතය.
අමාත්‍ය සරත් අමුණුගම අද දහවල් 2.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L. - 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතය.
අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර අද දහවල් 12.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය.
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS