දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'තිස්ස සමන්’ අලියා පහරදී ඇත් ගොව්වෙකු මරුට

පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලියා සරසමින් සිටියදී ඊයේ (24) රාත්‍රී 7.30ට පමණ ඇත්ගොව්වා පහරකෑමට ලක්ව ඇති අතර පසුව බරපතල තත්වයේ සිටි ඇත්ගොව්වා...

'තිස්ස සමන්’ අලියා පහරදී ඇත් ගොව්වෙකු මරුට
පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලියා සරසමින් සිටියදී ඊයේ (24) රාත්‍රී 7.30ට පමණ ඇත්ගොව්වා පහරකෑමට ලක්ව ඇති අතර පසුව බරපතල තත්වයේ සිටි ඇත්ගොව්වා තිස්සමහාරාම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රාත්‍රී 9 ට පමණ මියගොස් තිබේ.
 
මෙසේ අලියා පහරදීමෙන් මියගොස් ඇත්තේ කාලයක් තිස්සේ ඇත්ගොව්වෙකු ලෙස සේවය කළ අත්තනායක මුදියන්සේලාගේ අනුර ප්‍රියන්ත නැමති අයෙකු වේ. කතරගම ප්‍රදේශයේ පදිංචි ඔහු විශේෂයෙන්ම කතරගම පෙරහැර සමයේදී අත්ගොව්වෙකු ලෙස මහඟු සේවයක් කරනු ලබන පුද්ගලයෙකු බවයි වනජීවී නිලධාරීන් මෙන්ම අනෙකුත් ඇත්ගොව්වන් ප්‍රකාශ කර සිටින්නේ.
 
ඇත්ගොව්වන් පිළිබඳව ලංකා ඉතිහාසය පුරාවටම අසන්නට ලැබෙන අතර ඉන් හමුවන පුරාවිද්‍යා තොරුතුර අතර ලාහුගල මගුල් මහා විහාරයේ සඳකඩ පහනක අත්ගොව්වන් නිරුපනය වීම දක්නට ලැබේ. කෙසේ නමුත් මේ අතර අලින් පහරදීම නිසා ඇත්ගොවුවන් මියයාම ද බොහෝදුරට අසන්නට ලැබෙන තොරතුරු අතර වේ.
 
ඒ අතර මෑතකාලයේ තොරතුර අතර 2016 වසරේ ගොඩකවෙල ප්‍රදේශයේදී ඇතෙකු පහරදී අත්ගොව්වෙකු මියයාමේ සිද්ධියක් වාර්තා වේ. එමෙන්ම 2017 වර්ෂයේ හොරණ ප්‍රදේශයේදී උසාවි නියෝග මත රඳවා ගෙන සිටි පෙරහැර වෙනුවෙන් තාවකාලිකව නිදහස් කරනු ලැබූ අලියෙකු විසින් පහරදී ඇත්ගොවුවා මරා දැමීමේ සිද්ධියක් වාර්තා විය.
 
මීට අමතරව වැව්රුකන්නල විහාරයේ අලියා පහරදී ඇත් ගොව්වා මියයාම මෙන්ම කතරගම මද්දු නැමති අලියා පහරදී පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති අතර ඉන් පස්දෙනෙකුම ඇත්ගොව්වන්  බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් අනාවරණ වන්නේ.
 
එමන්ම ඊයේ (24) දින තිස්සමහාරාම පශ්චිමාරාමයේදී ඇත්ගොව්වාට හට පහරදුන් “තිස්ස සමන්” නැමති අලියා විසින් මීට වසර 12 කට පමණ පෙරදී කතරගම මැණික් ගඟ අසලදී නිලමේ නැමති ඇත් ගොව්වාහට පහර දී ඝාතනය කළ බව, වසර තිහක පමණ කාලයක් සිට ඇත් ගොව්වෙකු ලෙස සේවය කරන, දැනට  කතරගම දේවාලයේ වාසනා හස්තියාගේ ඇත්ගොව්වා වශයෙන් කටයුතු කරන අජිත් ලියනගේ මහතා ප්‍රකාශ කර සිටී.
 
ඇතුන් ඇත් ගොව්වන්ට පහර දෙන්නේ ඇයි
 
'බොහෝ දුරට අලින් ඇත්ගොව්වන් හට පහර දුන් පසුව ඇත්ත කතාව එලියට එන්නේ නෑ. ඒක නිසා අලියා පහරදුන් හේතුව කියන්න බෑ. මේ සඳහා අලින්ගේ මානසිකත්වය ප්‍රබල ලෙස බලපානවා' යැයි උඩවලව ඇත් අතුරු සෙවනේ පශුවෛද්‍ය විජිත  පෙරේරා මහතා පවසා සිටී. එමෙන්ම අලියාට පහරදීමට යාම, මෙන්ම ඇත්ගොව්වා බිමත්ව සිටීම ආදී හේතුද අලින් ඇත් ගොව්වන් හට පහරදීමට ප්‍රබලව බලපාන බවයි පශුවෛද්‍ය විජිත පෙරේරා පවසා සිටින්නේ.
 
ඇත් ගොව්වන්ගේ අඩුවීමක්
 
ඇත් ගොව්වන් මේ අකාරයෙන් අලින්ගේ ප්‍රහාරයන්ට ලක්වීම තුල අත්ගොව්වන් අඩුවෙමින් පවතී. එමෙන්ම එම රැකියාව තුල තිබෙන මෙම අවදානම් සහගත තත්වය හමුවේ නව පරපුර ඒ සඳහා යොමු නොවීමේ අවදානමක් තිබෙන බවත් එම නිසා ලංකාවේ තිබෙන වෘත්තීන් අතර මෙම වෘත්තිය නැති වෙමින් යාමේ අවදානමක් තිබෙන බවයි ඇත් ගොවුවෙකු වශයෙන් කටයුතු කරන අජිත් ලියනගේ මහතා ප්‍රකාශ කර සිටින්නේ.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
elephant 1
elephant 2

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'තිස්ස සමන්’ අලියා පහරදී ඇත් ගොව්වෙකු මරුට
'තිස්ස සමන්’ අලියා පහරදී ඇත් ගොව්වෙකු මරුට
http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/e26c671c4f4e8e48b680d47c3798b4eb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_461.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_461.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy