යහපාලන ආණ්ඩුවේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද(25) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 11.00ට අමාත්‍යවරුන් දිවුරුම් දීමේ කටයුතු සිදුවන බ...
යහපාලන ආණ්ඩුවේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද(25) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව අද පෙරවරු 11.00ට අමාත්‍යවරුන් දිවුරුම් දීමේ කටයුතු සිදුවන බව රජයේ ආරංචි මාර්ග පැවසී ය.
එහිදී අමාත්‍ය ධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විෂය පථයන් ද වෙනස් වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව උසස් අධ්‍යාපන, ව්‍යවසාය සංවර්ධන ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වෙනස්කම් සිදුකිරීමට නියමිතය.
නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදෙන බවට මත පළ වුණත්, නිදහස් පක්ෂය ඊට දැඩි විරෝධයක් පළ කර ඇති බව ද ඊයේ වාර්තා විය.
එමෙන්ම, එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ එස්.බී.දිසානායක, විජිත් විජිතමුනි සොයිසා, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ධුරයන් ද වෙනස් වීමට නියමිත බවයි.
අමාත්‍ය තිලක් මාරපනගේ විදේශ කටයුතු අමාත්‍ය ධුරයත්, ගාමිණී ජයවික්‍රම පෙරේරා දරන වනජිවි අමාත්‍ය ධුරයත්, වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරෙනු ඇති බව වාර්තා වේ.
එසේම, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට කැබිනට් නොවන අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇති බව වාර්තා වේ.
COMMENTS