දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ස්වාමියා ට ආදේශකයක් ගෙනා ඉන්දීය කතගේ අපූරු කුමන්ත්‍රණය.

තමන් විවාහක වුවත් විවාහක සැමියාගෙන් මිදී තමන් හා පෙමින් බැදුණ සිය පෙම්වතාව කෙසේ හෝ විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කළ ස්වාති රෙඩ්ඩි නැ...

ස්වාමියා ට ආදේශකයක් ගෙනා ඉන්දීය කතගේ අපූරු කුමන්ත්‍රණය.

තමන් විවාහක වුවත් විවාහක සැමියාගෙන් මිදී තමන් හා පෙමින් බැදුණ සිය පෙම්වතාව කෙසේ හෝ විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කළ ස්වාති රෙඩ්ඩි නැමති තෙළිගු කාන්තාව ඊට කදිම උපායක් කල්පනා කළාය. ඒ අනුව පළමුව ඈ සිය පෙම්වතා සමග එක් වී සිය විවාහක ස්වාමියා මරා දමා ඇත. ඉන් නොනැවතුණ ඈට අවශ්‍ය වූයේ ඊට සමාජයෙන් එල්ල වන තර්ජනයන් හා චෝදනා වලින් බේරී තවමත් තමන් විවාහක සැමියා සමග ජීවත් වන බව ලෝකයට පෙන්වීමටය. ඒ සඳහා ඈ තම පෙම්වතාට සිය ස්වාමියගේ මුහුණම ලබා දෙන්නට තීරණය කර ඇති අතර ඒ සදහා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී ඊට අවශ්‍ය ප්ලාස්ටික් සැත්කම සිදු කර ඇත.

ඒ අනුව ඈ තම විවාහක ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට සහ පවුලේ උදවියට පවසා ඇත්තේ තම සැමියා හදිසියේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ බවත් ඉන් හානි වූ මුහුණ නැවත යථා තත්ත්වයට පත්කර ගන්නට ඔහුට ප්ලාසස්ටික් සැත්කමක් සිදු කරන්නට සිදුව ඇති බවත්ය. ඒ අනුව කෘතිමව සිදු කළ මුහුණේ පිළිස්සුම් තුවාල ද සහිතව පෙම්වතාව රෝහල් ගත කර ඒ ඇසිඩ් ප්‍රහාරයට ලක් වී සැත්කමට භාජනය කලේ සැමියාට බව සියල්ලන්ට පවසා ඇත. ඇගේ කථාවට රැවටුණ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වූ සුදාකර් රෙඩ්ඩිගේ මව්පියන් තම පුතා යැයි රැවටී සැත්කම සදහා වූ රෝහල් ගාස්තු වන ලක්ෂ 05 ක මුදලක් ගෙවා ඇත.

නමුත් හිටි හැටියේ ඔවුන් දෙදනොගේ පිටපත වෙනස් වී ඇති අතර හදිසියේම රෝහලට කඩා වැදුණ නිත්‍යානුකූල ස්වාමියාගේ සොහොයුරු විසින් මේ සිටින්නේ තමන්ගේ සොහොයුරා නොවන බව හදුනා ගෙන ඇත. ඒ අනුව කාන්තාව සහ ඇගේ පෙම්වතා විසින් ගෙතූ අපූරු කථාව නොසිතූ අයුරින් වෙනස් මගක් ගෙන ඇති අතර මේ සිටින්නේ තම සොහොයුරා නොවන බව පවසමින් ඔහු පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පෙම්වතාගේ ඇගිළ සලකුණු නිත්‍යානුකූල සැමියාගේ ඇගිලි සළකුණු සමග සැසදීමට තෙළගානා පොලීසිය විසින් කටයුතු තර ඇති අතර එහිදී මේ සිටින්නේ අදාල කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා නොව වෙනත් අයෙකු බවට හදුනාගෙන ඇත.

ඒත් සමග ඉන්දීය පොලිසිය විසින් අදාල කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඈ තමන් පෙම්වතා සමග එක්ව සිය සැමියා ඝාතනය කල බවට පාපොච්චාරණය කර ඇත. ඒ අනුව පොලිසිය විසින් පෙම්වතාද අත් අඩංගුවට ගැනීමට තීරණය කර ඇත.

පොලීසිය පවසා සිටින්නේ හදිසියේ ම රෝහලට කඩා වැදුණ නිත්‍යනුකූල සැමියාගේ සොහොයුරා නොවන්නට අදද මෙම කුමන්ත්‍රණය ගැන සත්‍යය අනාවරණය නොවනු ඇති බවයි .

හංසනී සම්පත්

බි.බි.සී ඇසුරෙන්

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්වාමියා ට ආදේශකයක් ගෙනා ඉන්දීය කතගේ අපූරු කුමන්ත්‍රණය.
ස්වාමියා ට ආදේශකයක් ගෙනා ඉන්දීය කතගේ අපූරු කුමන්ත්‍රණය.
http://ift.tt/2ACXJ8Y
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_641.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_641.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy