"එපා වුනේ නැද්ද එක විදියටම ඉන්න එක නොහෙල්ලී,උඩුබැලි අතට ඇණ ගැසූ පෙට්ටියක." "හොඳම ඇඳුමෙන් සැරසී කිසි වැඩක් පලක්...
"එපා වුනේ නැද්ද
එක විදියටම ඉන්න එක
නොහෙල්ලී,උඩුබැලි අතට
ඇණ ගැසූ පෙට්ටියක."
"හොඳම ඇඳුමෙන් සැරසී
කිසි වැඩක් පලක් නොකර
ශාන්තව,වචනයක් කතා නොකර
එපා වුනේ නැද්ද?"
"කට්ටිය එන යනකොට
කට්ටිය කන බොනකොට
කවුරුවත් නෙමේ වගේ
ඉන්න සිදුවීම පවක් නෙමේද?"
ඔබ අසයි.
'නෑ ගානක් නෑ .
තිස් අවුරුද්දක් තිස්සේම
මං හිටියේ එහෙම .
නිශ්චලව,ඇන ගැසූ පෙට්ටියක.
ඔබ හදිසියේ ආවට
ගිවිසුමේ හැටි එහෙම.
නිශ්චලව උඩුබැලි අතට.
නිශ්ශබ්දව .
සමහරවිට
මට පුරුදු එකම විදිය.
මම දන්න එකම විදිය.
ඉතින්...,
ඔබ ආපහු යන්න
ඔබට පුරුදු තැනට.
පුරුදු අය අතරට.
මං ආයෙමත් ඉන්නම්
ගිවිසුමේ විදියට
නිශ්චලව,උඩුබැලි අතට.'
COMMENTS