දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නීතිය කාටත් එකයි, දෙක වෙන්නේ මටයි මගෙ උන්ටයි විතරයි !!

  ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට නාමල් රාජපක්ෂලා පඹයින් පුච්චමින්, මාර්ග බාධක පෙරළමින් නැටූ ඩෙඟාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන්...

නීතිය කාටත් එකයි, දෙක වෙන්නේ මටයි මගෙ උන්ටයි විතරයි !!

 

ඉන්දීය කොන්සල් කාර්යාලය ඉදිරිපිට නාමල් රාජපක්ෂලා පඹයින් පුච්චමින්, මාර්ග බාධක පෙරළමින් නැටූ ඩෙඟාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලමින් උතුරේ ජනතාව කළ සාමකාමී විරෝධය එක තලයක පිහිටුවා 'දෙමළුන්ට ආණ්ඩුව සහනදායී ලෙස සලකන බවත් රාජපක්ෂලාට නම් එසේ නැති බවත්' කියමින් තවත් ජාතිවාදී ගිනිපුපුරක් ඇවිළවීම රාජපක්ෂ කඳවුරේ මේ මොහොතේ උපායමාර්ගය වී ඇති බව පෙනේ. රාජපක්ෂලා හම්බන්තොට නැටූ ඩෙඟාවෙන් දශමයක් හෝ උතුරේ ජනතාවට කිරීමේ හැකියාවක් එහි පවතින අර්ධ මිලිටරි පාලනයට අනුව නොහැකි බව පොඩි දරුවකු වුණත් දන්නා කාරණයකි. අනෙත් අතට උතුරේ ජනතාව එම විරෝධතාවය පළ කළේ සිරගත කරගෙන සිටින තම ඥාතීන් නිදහස් කරගැනීම උදෙසා විනා පැරණි රජ පවුලක් යළි බලයේ පිහිටුවේ යටි අරමුණක් ඇතිව නොවේ. 

මේ සියල්ල පසෙක තිබියදී කැපුවත් සිංහල බෞද්ධ පූජිත් ජයසුන්දර කරන්නේ එම උද්ඝෝෂන දෙකෙහි වෙනස්කම් මාධ්‍යයට අවධාරණය කිරීම නොවේ. ඔහු කියන්නේ කරුණු විමර්ශනය කර බලා අනිවාර්යයෙන් ම අත් අඩංගුවට ගන්නා බවය. පූජිත්ගේ කරුණු විමර්ශන ගැන අසන අපට හිනා යන්නේ දෙකොණින්ය. 

පොලිස් මූලස්ථානය තුළ දී පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් එහි විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දෙනු ලැබුවේ 2017 අප්‍රේල් 15 වනදාය. දැන් මාස හයක් ගත වී තිබේ. දැනටත් පොලිස්පති පරීක්ෂණ කරන්නේ එහි වීඩියෝව මාධ්‍ය වෙත ලැබුණු ආකාරය පිළිබඳවය. නීතිය කාටත් එක වුණාට නීතිය පූජිත් ළඟදී දෙකට වැටී ඇත. පූජිත් විසින් නීතිය දෙකට දමා ඇත. පූජිත්ව ආරක්ෂා කරන ආණ්ඩුවේ ඉහළ බලධාරීන් විසින් පූජිත් ඉදිරියේ නීතිය තුනට හතරට දමා ඇත. 

එසේම පසුගියදා හම්බන්තොට කෙරුණු විරෝධතාවයේදී අත් අඩංගුවට ගත් පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරී තුශාර දළුවත්ත විසින් කනට ගහන අන්දම රටම දුටු නින්දිත ක්‍රියාදාමයක් විය. එහිදී ද නීතිය කාටත් එකයි කීවාට දළුවත්තට නීතිය දෙක වී තිබේ. ඔහුට මාතරට මාරුවක් ලැබී ඇතුවා පමණි. එසේම පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී ප්‍රේමලාල් ජයසේකර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළ මිනීමැරුමක සාක්ෂි වසන් කළ ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට අධිකරණය හමුවේ පැය කිහිපයකින් ඇප ලැබිණි. එතැනදී ද නීතිය දෙකය. පොලීසිය එකය. 

එහෙයින් පොලිස්පති පූජිත් ජයසුන්දර රටේ කාටත් එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව කියන විට එය හිනායන විහිළුවක් නොව අප්‍රසන්න ජුගුප්සාජනක විහිළුවකි. රටේ කාටත් නීතිය එක ලෙස ක්‍රියාත්මක කිරීමේ පළමු උදාහරණය දෙන්නට අවශ්‍ය නම් ආණ්ඩුව දැන්වත් මේ විහිළුකාර පොලිස්පති කෝලම තනතුරින් ඉවත් කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. දැනටත් මාස හයක් පමා වී ඇති එම ක්‍රියාව තවත් පමා වන දිනයක් පාසා විහිළුවක් වන්නේ ආණ්ඩුව බව ආණ්ඩුවේ බලධාරීන් දැනගත යුතුය. ආණ්ඩුව කුජීත වීමත් එක් දෙයකි. ජනතාව ඉදිරියේ 'යහපාලනය' යන වචනය කුජීත වීම ඊට වඩා භයානක ප්‍රතිඵල ගෙනෙනු ඇත.

- රංජිත් නිශාන්ත 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීතිය කාටත් එකයි, දෙක වෙන්නේ මටයි මගෙ උන්ටයි විතරයි !!
නීතිය කාටත් එකයි, දෙක වෙන්නේ මටයි මගෙ උන්ටයි විතරයි !!
http://ift.tt/2gNhnTZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_733.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_733.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy